ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත් ද්‍රව්‍ය වැළැක්වීම සහ බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යයට අවශ්‍යව පැවති ත්‍රී රෝද රථ 2000ක් ශ්‍රී ලංකා පොලිසියට සංකේතාත්මකව ප්රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සෑම පොලිස් ස්ථානයකටම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනිමින් මෙම ත්‍රී රෝද රථ දිවයිනේ පොලිස් ස්ථාන වෙත බෙදා දීම සිදුකෙරේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සංකේතාත්මකව මීගොඩ, ගොතටුව, යක්කල, බෙම්මුල්ල, පල්ලෙවෙල, මිහිජය සෙවණ, කුරුඳුවත්ත, එගොඩඋයන සහ මත්තෙගොඩ පොලිස් ස්ථාන සඳහා ලබාදෙන ත්‍රී රෝද රථ එම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ප්රදානය කළේය.
මෙම ත්‍රී රෝද රථ අදාළ පොලිස් ස්ථානයන්හි අපරාධ වැළැක්වීම හා විමර්ශනය, විවිධ පැමිණිලි විභාග කිරීම, 119 හදිසි ඇමතුම් සඳහා අවශ්‍යතාව අනුව යෙදවීම, ළමා හා කාන්තා කාර්යංශය හා දූෂණ මර්ධන අංශයේ රාජකාරි සඳහා යොදා ගැනීම, බුද්ධි කොට්ඨාශයන්හි ආවේශන රාජකාරි සහ සිවිල් රාජකාරි සඳහා යෙදවීමට අපේක්ෂිතය.
ග්‍රාමීය ප්‍රදේශ වලට කඩිනමින් ළඟාවීමේ පහසුව මත පොලිසිය සහ මහජනතාව අතර සබඳතා ශක්තිමත් කරමින් ප්‍රජා පොලිස් සංකල්පය ප්‍රවර්ධනය කිරීම ද මෙම වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වේ.
තීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රී රෝද රථ සඳහා රුපියල් මිලියන 829කට අධික මුදලක් රජය වැය කර තිබේ.






